• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම
- පළාත් සභා 09න් 06ක නිල කාලය මේ වන විටත් අවසන් වී ඇති බැවින් කඩිනමින් පළාත් සභා ඡන්ද විමසීම සඳහා විධිවිධාන සැලසිය යුතු වේ. පළාත් සභා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාත්මක වන 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත මඟින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අත්‍යාවශ්‍ය ඡන්ද කොට්ඨාස නිර්ණය කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. ඒ අනුව, ඉදිරි පළාත්සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙවර පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, 25% අනිවාර්ය කාන්තා අපේක්ෂකත්වය තහවුරු වන පරිදි පැවැත්වීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.