• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 යල කන්නයේ කීඩෑ හා පුරුක් පණු හානි සිදු වූ කුඹුරු සඳහා බීජ වී සහනාධාරයක් ලබා දීම
- පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කයේ 2018 යල කන්නයේදී වී ‍ගොවිතැන ආශ්‍රිතව කීඩෑ හානිය හා පුරුක් පණු හානිය ඉතා සීග්‍රව ව්‍යාප්ත වීම නිසා වී ගොවිතැනට විශාල හානියක් සිදු වී ඇත. ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් 18,280ක කුඹුරු අක්කර 34,759ක් මෙම පළිබෝධ හානියට ලක්ව ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් 3,676ක කුඹුරු අක්කර 7,402ක් හානියට ලක්ව ඇති බව ඇස්තමේන්තුගත කර තිබේ. එම හේතුව නිසා 2018/19 මහ කන්නය සඳහා සුදුසු බීජ වී සපයා ගැනීම ද ගොවි මහතුන්ට දුෂ්කර කාර්යයක් වී ඇත. ඒ අනුව පළිබෝධ හානිය සිදුවූ ගොවීන්ට 2018/2019 මහ කන්නය වෙනුවෙන් බිත්තර වී මිලදී ගැනීම සඳහා සිදු වූ හානි ප්‍රමාණයට සාපේක්ෂව අක්කරයකට රුපියල් 1,500/- සිට 3,000/- දක්වා බිත්තර වී මිල දී ගැනීම සඳහා වන්දි ලබාදීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.