• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි සැපයීම
- නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීම වෙනුවෙන් 45 ලක්ෂයක් පමණ වූ සියලු දූ දරුවන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1993 වසරේ සිට මේ දක්වා වසර 25ක කාලයක් තිස්සේ රජය විසින් සිදු කරනු ලබයි. ඒ සඳහා මෑතක සිට අනුගමනය කරන ලද 'තිළිණපත් ක්‍රමවේදය' ට සාපේක්ෂව දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගෙන, පෙර සිට පැවති ආකාරයට නිල ඇඳුම් රෙදි ලබා දීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන තිබේ. එම ක්‍රමවේදය යටතේ එක් රෙදි මීටරයකින් රුපියල් 50/-ක පමණ ඉතිරියක් පැවතීම සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් රෙදි ලබාගැනීම මඟින් ඇති වන විදේශ විනිමය ඉතිරිවීමද සලකා, 2019 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීම පිණිස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.