• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සබරගමුව විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- සබරගමුව විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා යෝජිත නව ගොඩනැඟිලි සංකීර්ණයෙහි අදියර II හි I කොටස වශයෙන් ඉදි කිරීමට නියමිත විද්‍යාගාර සහ දේශනශාලා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 452.4ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.