• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජෛව බලශක්ති 2022' ආර්ථික සංවර්ධනය උදෙසා ජෛව බලශක්ති ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සඳහා ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි ඉන්ධන ආනයනය කිරීමට වැය වන විදේශ විනිමය ප්‍රමාණය අවම කරගැනීමේ අරමුණින් දේශීය බලශක්ති සම්පත් භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත්කම හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ජෛව ස්කන්ධ (biomass) හෙවත් ශාඛ ද්‍රව්‍ය එකතු කිරීමේ හා සැපයීමේ මධ්‍යස්ථාන 50ක් රට පුරා ස්ථාපිත කිරීම හරහා නව ව්‍යවසායකයින් 1,000ක් ජෛව ස්කන්ධ වගාව සඳහා යොමු කිරීමට සහ කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ජෛව ස්කන්ධ ලෙස සකස් කිරීම සඳහා යොමු කිරීමටත්, ඒ සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමටත් 'ජෛව බලශක්ති 2022' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. රාජ්‍ය, පෞද්ගලික මෙන්ම විදේශ අංශයේද අරමුදල් සහය සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය (ආචාර්ය) රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.