• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සංශෝධනය කිරීම
- වර්තමාන ආර්ථික හා ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ නාමය "ජාතික ආහාර ප්‍රවර්ධන හා කෘෂි අලෙවි මණ්ඩලය" ලෙස වෙනස් කිරීම හා මෙම මණ්ඩලයේ පොදු අරමුණු සංශෝධනය කිරීම සඳහා අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.