• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'උතුරු නැ‍ඟෙනහිර කෘෂි නවෝදය' කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වලින් ලබා ගත හැකි කෘෂි අස්වැන්න තවදුරටත් වර්ධනය කිරීම සඳහා අඩු ඵලදායිතාව, බීජ හිඟකම, ඉඩම් භාවිතයේ පවතින ගැටලු, කාලගුණ විපර්යාස, පසු අස්වනු කළමනාකරණ දුර්වලතා, අලෙවිකරණ හා අගය එකතු කිරීමේ දුෂ්කරතාවන්, ජල සම්පාදනයේ ගැටලු, වැව් ප්‍රතිසංස්කරණය හා කෘෂි මාර්ගවල ගැටලු, යටිතල පහසුකම් හිඟය සහ කෘෂි ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්ගේ හිඟය යනාදී අභියෝගයන් මඟ හරවා ගත යුතුව තිබෙන බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වලින් ජාතික ආර්ථිකයට ලබා දෙනු ලබන දායකත්වය තව දුරටත් ඉහළ නැංවීම හා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා 'උතුරු නැ‍ඟෙනහිර කෘෂි නවෝදය' කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.