• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්හැර දමන ලද ග්‍රාමීය වැව් නැවත පිළිසකර කිරීම
- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සුළු වාරිමාර්ග හා ප්‍රාථමික ජල මූලාශ්‍ර පිළිබඳ දත්ත පාදම අනුව දැනට වැව් 14,421ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර අභ්‍යන්තර ගැටුම්, බෝවන රෝග පැතිරීම යනාදි හේතු මත ග්‍රාමීය වැව් 1,958ක් අතහැර දැමීමට ලක් වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මඟින් නව වගා බිම් අක්කර 97,900ක් පමණ වගාවට යෙදවීමට හැකි වෙතැයි අපේක්ෂා කරනු ලැබේ. එයට අමතරව, දැනට අතහැර දමා ඇති මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මඟින් භූගත ජලය පෝෂණය කිරීම, වර්තමාන මුඩු බිම්වල වනගහණය වර්ධනය කිරීම සහ වන සතුන්ගේ ප්‍රයෝජනය සඳහාද සැලසෙන සේවාව සැලකිල්ලට ගෙන, නැවත පිළිසකර කිරීම යෝග්‍ය යැයි තාක්ෂණික වශයෙන් තහවුරු කරනු ලබන වැව් පිළිසකර කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.