• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීම
- තරුණ පරපුර කෘෂි ක්ෂේත්‍රය වෙත යොමු කරගැනීම සඳහා නව තාක්ෂණය පිළිබඳ ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙමින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 6 මට්ටමේ කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් කුණ්ඩසාලේ, පැල්වෙහෙර, අගුණකොළපැලැස්ස, කරපිංච සහ වවුනියාව යන ප්‍රදේශවල ස්ථාපිත කෘෂිකර්ම විද්‍යාල 5ක් මඟින් බිහි කරනු ලබයි. මෙම කෘෂිකර්ම විද්‍යාලවලට බඳවාගනු ලබන ශිෂ්‍යයින් සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමටත්, ඔවුන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමටත් කටයුතු කිරීම හරහා රටේ කෘෂි නිෂ්පාදනය ප්‍රමානාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයද සහිතව සිදු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.