• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර බෝග අතිරික්තය හා හිඟය අවම කිරීම සඳහා බෝග පුරෝකථන තොරතුරු පද්ධතිය (CFIS) ශක්තිමත් කිරීම
- දිවයින පුරා වගා කරන ලද බෝගවල තත්ත්වය, කන්නමය වශයෙන් ඒවායේ අපේක්ෂිත නිෂ්පාදනය, බෝග හානි, අස්වනු නෙළීම යනාදිය පිළිබඳව දත්ත ඇතුළත් බෝග පුරෝකථන වාර්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අතර, එම දත්ත ආහාර බෝග ආනයනය ඇතුළුව කාලීන තීරණ ගැනීම සඳහා දැනට භාවිතා කරනු ලබන විශ්වාසනීය දත්ත පදනම ලෙස සැලකිය හැකි වේ. මෙම දත්ත පද්ධතිය, බෝග පුරෝකථන තොරතුරු පද්ධතිය (Crop Forecasing Information System - CFIS) නැමැති මෘදුකාංගය මඟින් දැනට භාවිත කරනු ලබයි. මෙම දත්ත පදනම තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතයට ගැනීමේ අරමුණින්, දැනට රටපුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල සහ මහවැලි කලාප කාර්යාල සතුව ඇති සම්පත් භාවිත කරමින් වැඩිදියුණු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.