• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීම
- ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපයේ සුරක්ෂිතභාවය සහ එම කලාපය තුළදී ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ කාර්යයෙහි නිරත වී සිටින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස සිදු කර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ද්වී පාර්ශ්වික නිල හමුව පැවැත්වීම සහ වෙරළාරක්ෂක මෙහෙයුම් කටයුතු හා පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම යන කාර්යයන් නිසි පරිදි සිදු කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව සතුව සියලු පහසුකම්වලින් යුත් මූලස්ථානයක් කොළඹ නගරයට ආසන්නයේ ස්ථාපිත කළ යුතු බවට තීරණය කර ඇත. ඒ අනුව, මෙම දෙපාර්තමේන්තුවේම කාර්යාලයක් දැනට ස්ථාපිත කර ඇති වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි භූමි භාගය තුළ මහල් 11කින් යුත් මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.