• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය
- හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ලෝක බැංකු ආධාර ය‍ටතේ දේශගුණික විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම ව්‍යාපෘතිය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ගේ හා අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින්ගෙන් සමන්විත ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.