• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එකතු කළ අගය මත බදු පනත යටතේ පළ කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධි විධාන අනුව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ඕනෑම නියෝගයක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, විදේශීය සංචාරකයින් විසින් මිල දී ගනු ලබන භාණ්ඩවලට ගෙවනු ලබන වැට් බදු මුදල් ආපසු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලද අංක 2088/2 දරන 2018 සැප්තැම්බර් මස 10 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය, ඉහත ක්‍රමවේදය යටතේ ගෙවනු ලෑබූ වැට් මුදල් ආපසු ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි භාණ්ඩ, ඒවායේ අවම වටිනාකම සහ මුදල් ආපසු ලබාගන්නා ආකාරය විස්තර කරමින් ප්‍රකාශයට පත් කරන ලද අංක 2088/25 දරන 2018 සැප්තැම්බර් මස 11 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය, රෙදි ආනයනය වැට් බද්දට යටත් කිරීම හේතුවෙන් සුළු පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයින්ට සිදුවන බලපෑම සලකා රෙදි ආනයනයේදී අදාළ වන වැට් බදු අනුපාතය 5% දක්වා අඩු කරමින් නිකුත් කරන ලද අංක 2089/13 දරන 2018 සැප්තැම්බර් මස 17 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය සහ සීනි ආනයනය හෝ ආනයනය කර සැපයුම මත වැට් බදු අනුපාතය 15% සිට 0% දක්වා අඩු කිරීම සඳහා නිකුත් කරන ලද අංක 2089/20 දරන 2018 සැප්තැම්බර් මස 18 දිනැති අති විශෙෂ ගැසට් නිවේදන නිකුත් කරන ලද ගැසට් පත්‍ර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.