• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018/19 වසර සඳහා ස්වභාවික ආපදා රක්ෂණ ජාතික යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිරක්ෂණ ආවරණය
- ස්වභාවික ආපදාවලින් සමස්ත දිවයිනම ආරක්ෂා කිරීම සඳහා 2016 වර්ෂයේදී රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එම රක්ෂණ ක්‍රමය ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ මේ වන විට රුපියල් බිලියන 15ක පමණ රක්ෂණාවරනයක් ලබා දී ඇත. ස්වභාවික විපත් මඟින් සිදු වන හානි හේතුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලේ මූල්‍ය තත්ත්වයට සිදු විය හැකි අවදානම අවම කරගැනීම පිණිස පිළිගත් ජාත්‍යන්තර ප්‍රතිරක්ෂණ සමාගම් මඟින් ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීම සඳහා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.