• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීම සඳහා ජම්බාර ගැසීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව පිරි නැමීම
- ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය මහල් 22කින් යුක්තව ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කිරීම සඳහා ස්ථානීය ජම්බාර (piling) 248ක ජම්බාර ගැසීමේ කටයුතු සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති අතර, එය පැකේජ 03ක් වශයෙන් ප්‍රසම්පාදනය කිරීමට තීරණය විය. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එයින් පැකේජ 02ක් රුපියල් මිලියන 124.8ක හා රුපියල් මිලියන 137.5ක මුදලකට සීමාසහිත නවලෝක පයිලිං පුද්ගලික සමාගම වෙතත් අනෙක් පැකේජය රුපියල් මිලියන 126ක මුදලකට සීමාසහිත ඩී.පී. ජයසිංහ පයිලිං පුද්ගලික සමාගම වෙතත් පිරිනැමීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.