• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ සබරගමුව යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වර්ධනය කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සිව් මහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සය මහල් බහු කාර්යය ගොඩනැඟිල්ලේ මහල් 03ක් ඉදි කිරීමටත්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි කාර්මික විද්‍යා පීඨය සඳහා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව එම ඉදි කිරීම් කටයුතු සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.