• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ධාරිතාව වර්ධනය කිරීම
- 2018 යල කන්නයේ වී අස්වැන්න මිල දී ගෙන ගබඩා කිරීම සඳහා බෙලිඅත්ත සහ මීගහජදුර ප්‍රදේශයන්හි මෙට්‍රික් ටොන් 2,000ක ධාරිතාවයෙන් යුත් නව ගබඩා 02ක් ඉදි කිරීමට සහ පැරැණි වී ගබඩා 39ක් අලුත්වැඩියා කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම කටයුතු විද්‍යාත්මක හා නවීන තාක්ෂණයෙන් යුක්තව සිදු කිරීම සඳහා අවශ්‍ය ඉංජිනේරු උපදේශක සේවා ලබාගැනීම, කොන්ත්‍රාකරුවන් තෝරාගැනීම හා වැඩ අධීක්ෂණය කිරී‍ම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් ඉටු කරවා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.