• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැඹුරු මුහුදෙහි වැලි කැණීම සඳහා ඩ්‍රෙජර් යන්ත්‍රයක් මිල දී ගැනීම
- ඉදි කිරීම් සඳහා යොදා ගන්නා ගංඟා වැලි හිඟවීම හේතුවෙන් එයට විකල්ප අමුද්‍රව්‍යයක් වශයෙන් සකස් කරන ලද මුහුදු වැලි සඳහා වන ඉල්ලුම වැඩිවෙමින් පවතී. එයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඉදි කිරීම් සඳහා යොදා ගත හැකි පරිදි මුහුදු වැලි සකස් කර සැපයීම සිදු කරනු ලබයි. ඒ මඟින් දැනට ඉදි කිරීම් කර්මාන්තයේ සමස්ත වැලි අවශ්‍යතාවයෙන් 10%ක් පමණ සපයනු ලබයි. ඉදි කිරීම් කර්මාන්තයේ වර්ධනයත් සමඟ අනාගතයේදී වැලි සඳහා ඇති වන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා ගැඹුරු මුහුදේ වැලි කැනීම පිණිස ඩ්‍රෙජර් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.