• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු / සමඟි බහළු පර්යන්තයන්හි භාවිත කරනු ලබන නේවිස් පර්යන්ත කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම
- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු / සමඟි බහළු පර්යන්තයන්හි මෙහෙයුම් සඳහා භාවිතා කරනු ලබන නේවිස් පර්යන්ත කළමනාකරණ පද්ධතිය (NAVIS Terminal Management System) වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ඇක්සස්-නේවිස් ජොයින්ට් වෙන්චර් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.