• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම
- බේරුවල, කළුතර, බණ්ඩාරගම, රත්නපුර, මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා වෛද්‍ය සේවා සපයනු ලබන පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 106.4ක මුදලකට ජර්මනියේ M/s. GITEC IGIP Consultant GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.