• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ වන ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation (CMEC) වෙත ප්‍රදානය කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදන මණ්ඩලය විසින් සිදු කළ හැකි තවත් ප්‍රධාන ඉදිකිරීම් 08ක් උප කොන්ත්‍රාත් වශයෙන් සිදු කරවා ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබේ. ඒවා අතුරින් එක් උප කොන්ත්‍රාත්තුවක් වන අත්තනගල්ල ප්‍රදේශයේ සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ප්‍රධාන නළය සඳහා උපාංග හා ජල නළ එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K DA Weerasinghe Co. (Pvt.) Limited විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.