• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු මඟින් එම ප්‍රදේශවල කඩිනමින් සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති මාර්ගවල පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තු පැකේජ 05ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ/ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි, පිළිගත් මාර්ග ඉදි කිරීම් සමාගම් මඟින් සිදු කරවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.