• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආණමඩුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීම
- වර්තමාන රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් පාඨමාලා පැවැත්විම පිණිස ජාතික තරුණ සේවා සභාවේ ආණමඩුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීමට යෝජනා වී ඇත. ඒ හරහා සූපවේදී, බේකරි හා ආශ්‍රිත නිෂ්පාදන, පරිගණක ග්‍රැෆික් ඩිසයිනර් සහ මානව සම්පත් කළමනාකරණය වැනි ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 (අ.පො.ස. උසස් පෙළ මට්ටමට සමාන) මට්ටමට අයත් රැකියා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් සහිත පාඨමාලා පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, මේ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.