• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ක්‍රීඩකයින් විසින් භාවිත නොකළ යුතු තහනම් ද්‍රව්‍ය හා තහනම් ක්‍රම අඩංගු ලැයිස්තුවක් ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ. එයට සමගාමීව 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව විසින්ද එම ද්‍රව්‍ය ක්‍රීඩාවලදී තහනම් ද්‍රව්‍ය ලෙස ප්‍රකාශ කරමින් නිකුත් කර ඇති අදාළ ලැයිස්තුව ඇතුළත් 2083/32 අති විශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.