• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතියෙහි ධීවර යටිතල පහසුකම් හා ජලජීවී වගා සංවර්ධන ප්‍රතිදානයන් ක්‍රියාත්මක කිරීම
- ධීවර වරාය, නැංගුරම් පොළ සහ තොටුපොළ ඉදි කිරීම හා සංවර්ධනය කිරීම, ජල ජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන ප්‍රතිදාන 03කින් සමන්විත වන උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය, 2018 - 2024 කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දීමට එකඟවී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 174ක මූල්‍ය සහායක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතියේ ධීවර යටිතල පහසුකම් හා ජලජීවී වගා සංවර්ධන ප්‍රතිදානයන් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකයක් (Project Implementation Unit-PIU) ස්ථාපිත කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.