• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය
- උසස් පෙළ ශ්‍රේණි සඳහා තාක්ෂණ විෂයධාරාව හඳුන්වා දීමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාල 10ක් මඟින් තාක්ෂණ විෂයන්හි නව උපාධි පාඨමාලා පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කැලණිය, රජරට සහ සබරගමුව ඇතුළු විශ්වවිද්‍යාල තාක්ෂණික පීඨ 03ක් පිහිටුවීමටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් පිහිටුවීමටත් සැලසුම් සකස් කර ඇත. ඒ අනුව එම පාඨමාලා ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා 2018-2023 කාල රාමුව තුළ රුපියල් මිලියන 26,400ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.