• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩාවිලච්චිය වැව සහ දෙමටගල වැව ප්‍රතිස්ථාපනය කිරීම
- මහවිලච්චිය ප්‍රදේශයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබඳව පිහිටා ඇති මහවිලච්චිය ජලාශයේ එක්රැස් වන ජලය එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයන එකම ජලාශයයි. එහි එක්රැස්වන ජලය ජනතාවගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටි දැනට අතහැර දමා ඇති විශාල වැවක් වන කුඩාවිලච්චිය වැව ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා වී ඇත. එමෙන්ම පලාගල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති ග්‍රාමීය වැව් නිරතුරුවම ජල හිඟයෙන් පීඩාවට පත් වන අතර, එයට පිළියමක් වශයෙන් දැනට අතහැර දමා ඇති දෙමටගල වැව ප්‍රතිසංස්කරණය කර හැවන් ඇල්ල ඔය හරහා පෝෂක ඇළක් සහ අමුණක් ඉදි කර ග්‍රාමීය වැව්වලට අමතර ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකි බවටද හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කුඩා විලච්චිය වැව සහ දෙමටගල වැව ප්‍රතිසංස්කරණය කිරීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.