• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැළණි ගංවතුර වැළැක්වීමේ ආරක්ෂක බැම්මෙහි ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම
- කැලණි ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුරෙන් ඇතිවන හානිය අවම කිරීම සඳහා හංවැල්ල සිට ගංඟාමෝය කට දක්වා ගංවතුර ආරක්ෂක බැම්මක් ඉදි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එම කටයුතු උප ව්‍යාපෘති 03ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත. යෝජිත ආරක්ෂණ වේලි ඉදි කිරීමට පෙරාතුව භූ විද්‍යා සමීක්ෂණයක් සිදු කළ යුතු අතර, එම කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙතින් සිදු කර ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.