• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික නවීකරණ පිළිබඳ ප්‍රදර්ශනය, සමුළුව හා සම්මාන ප්‍රදානය
- ශ්‍රී ලංකා කෘෂිකර්ම අංශය නවීකරණයේ පියවරක් ලෙස කෘෂිකාර්මික නවීකරණ පිළිබඳ ප්‍රදර්ශනයක්, කෘෂිකර්මාන්තය නව්‍යකරණ සමුළුව හා කෘෂි අංශයේ නියැලි පාර්ශ්වකරුවන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් මස 11 - 16 කාලසීමාව තුළ කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම වැඩසටහන කෘෂි අංශයේ කටයුතුවල යෙදී සිටින සියලු අංශවල සහයෝගයෙන් පැවැත්වීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.