• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළවල සිදු කෙරෙන නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා යෙදවිය යුතු අත්‍යවශ්‍ය පහසුකම්වල පවතින සීමා හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට බීජ නිෂ්පාදනය කිරීමේ දුෂ්කරතා මතු වී තිබේ. ඒ අනුව, බීජ පිරිසැකසුම් ක්‍රියාවලිය යාන්ත්‍රීකරණය කිරීම, මහඉලුප්පලම, අම්පාර හා අළුත්තරම ගොවිපළවල ඒකාබද්ධ වියලන හා පිරිසැකසුම් සංකීර්ණයක් ස්ථාපිත කිරීම, පැල්වෙහෙර හා බටඅත ගොවිපොළ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම, රහංගල, සීතා එළිය, බටඅත හා අම්පාර ගොවිපොළවල බීජ ගබඩා 04ක් ඉදි කිරීම සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානවල අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ආයෝජන මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සලසා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.