• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම
- රසායනික හා කාබනික පොහොර සහ පළිබෝධනාශක යනාදියෙහි යෙදවුම් තත්වය සහ අතිරික්ත භාවිතය නියාමනයටත්, මෙරට නිපදවන ලබන ආහාර ද්‍රව්‍ය වල අඩංගු අපවිත්‍රකාරක මට්ටම් නියාමනයටත් උසස් තත්වයේ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. එවැනි උසස් තත්වයේ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම මඟින් එම ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ට අඩු පිරිවැයක් යටතේ, උසස් විශේලේෂණාත්මක සේවාවක් සපයා ගැනීමට පහසුකම් සැලසේ. ඒ අනුව, රුපියල් මිලියන 286ක ආයෝජනයක් යටතේ ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.