• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණත්වය වර්ධනය කිරීම
- ආහාර භෝග, වැවිලි භෝග, අපනයන කෘෂිකාර්මික භෝග, මල් හා විසිතුරු පත්‍රිකා ශාක, වන වගා පැල, ඔසු වගා පැල යනාදී සියලුම රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව පාලනය කිරීම සඳහා නෛතික බලය සහ වගකීම 2003 අංක 22 දරන බීජ පනත මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ. ඒ අනුව එම කාර්යය සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් නිවැරදිව, විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය යටතේ ක්‍රියාත්මක වන බීජ පරීක්ෂණාගාරවලට තවදුරටත් අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.