• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්දූව අතුරු මාර්ගය සුහුරුපාය සිට කනත්ත පාර දක්වා දීර්ඝ කිරීම
- රජයේ පරිපාලන කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය වෙත ගෙන යාමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එබැවින් ඊට සමගාමීව එම ප්‍රදේශයෙහි සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇත. ඒ යටතේ දෙමටගොඩ සිට පිටත වටරවුම් මාර්ගය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීමට යෝජනා කරන ලද අතර, මේ වන විට එක් කොටසක් පොල්දූව හන්දියේ සිට කොස්වත්ත දක්වා ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ යටතේ අදියර I කොටස පොල්දූව හන්දියේ සිට සුහුරුපාය දක්වා නිම කර ඇති අතර, අදියර II සුහුරුපාය සිට කනත්ත පාර දක්වා මේ වන විට ඉදි කෙරෙමින් පවතියි. එම ඉදි කිරීම් කටයුතු නිමකිරීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 328.63ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.