• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කතරගම පූජා නගරයේ මහජන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
- කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ‍එම ව්‍යාපෘතියට අමතරව, කතරගම පූජා නගරයට පැමිණෙන පොදු මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන මට්ටමක පවතින බැවින් කතරගම හා කැබිලිත්ත ප්‍රදේශවල සනීපාරක්ෂක අවශ්‍යතා පද්ධති ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.