• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- වඩාත් ගුණාත්මක මහජන සේවාවක් සැලසීම සඳහා දැනට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ ඉඩ පහසුකම්වල පවතින සීමාවන් සැලකිල්ලට ගෙන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් විවිධ රාජ්‍ය ආයතන 30ක පමණ කාර්යාල පවත්වාගෙන යනු ලබන දැනට භාවිතා කරනු ලබන ගොඩනැඟිල්ල වෙනුවට වර්ග අඩි 150,000ක පමණ වපසරියකින් යුත් මහල් 07කින් සමන්විත කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් මිලියන 1,731.3ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.