• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔළුවිල් වරායේ මුවදොර පිරී ඇති වැලි ඉවත් කිරීම
- ඕළුවිල් වරායේ මුවදොර වැලිවලින් පිරී තිබීම නිසා ධීවර යාත්‍රා එම වරාය තුළට ඇතුළු කිරීමට අපහසු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවරයින්ගේ එදිනෙදා ජීවනෝපාය කටයුතු සිදු කර ගෙන යාමට බාධා සිදු වී තිබේ. ඒ අනුව, ධීවර යාත්‍රා මෙහෙයුම් කටයුතුවලට බාධා නොවන පරිදි වරාය පරිහරණය කිරීමට හැකි වන පරිදි වරායේ මුවදොර තුළ තැන්පත් වී ඇති වැලි ඩ්‍රෙජර් යන්ත්‍රයක් භාවිත කරමින් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.