• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩිදියුණු කිරීම
- රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව රජයේ රෝහල්වල දැනට භාවිතයට ගැනෙන ඇනලොග් එක්ස් කිරණ ඡායාරූප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනටමත් පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් විකිරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට සහ ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25ක් ලබාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, බෙල්ජියමේ FINEXPO සහන මූල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් ඉහළ තත්ත්වයේ තාක්ෂණයෙන් යුත් ඩිජිටල් විකිරණ පරීක්ෂණ පද්ධතියක් ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.