• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
- වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් මීට පෙර, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.