• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙමෝදර රැස්කුරු ජලාශය ඉදි කිරීම වෙනුවෙන් අත්කරගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම
- බදුල්ල-හාලිඇල-ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙමෝදර රැස්කුරු ජලාශය ඉදි කිරීම සඳහා ඇල්ල සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් එම ඉඩම් හිමියන්ට රුපියල් මිලියන 61.37ක මුදලක් වන්දි වශයෙන් ගෙවීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.