• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ කටයුතුවල විනිවිදභාවය, වගවීම, ඵලදායිතාවය, කාර්යක්ෂමතාවය හා අරපිරිමැසුම් බව පිළිබඳ නීතිමය රාමුවක් සැලසීමේ අපේක්ෂාවෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට ‍පෙර නිර්දේශ කර තිබිණි. එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශද ඇතුළත් කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.