• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීම
- දේශීය හා විදේශීය වශයෙන් බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීම සඳහා යෝජනා වී ඇත. මේ මඟින් බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම මෙන්ම ප්‍රචාරණය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම සහ ලොව පුරා ඇති බෞද්ධ ස්මාරක හා ස්ථාන සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද අපේක්ෂිතය. යෝජිත ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.