• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම
- පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු, නැ‍ඟෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල පිහිටි පළාත් පාලන ආයතන 134ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70ක අරමුදල් සහය ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟ වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීම සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස සහ අදාළ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.