• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික විපර්යාසයන්ට අනුගත වන කෘෂි-වාරි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම
- දේශගුණික විපර්යාසයන්ට අනුගත වන කෘෂි-වාරි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් සහයක් ලබා දීමට එකඟ වී ඇත. ඒ අනුව, ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවත්වීම පිණිස සහ අදාළ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.