• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සහයක් සහ එම බැංකුවේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් දරිද්‍රතාවය අවම කිරීමේ ජපන් අරමුදල හරහා ඇමරිකානු ඩොලර් මිලියන 01ක ප්‍රදානයක් ද ලබා දීමට එකඟ වී ඇත. ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස සහ අදාළ ණය ගිවිසුමකට එළඹීම පිණිස වැඩබලන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.