• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝග ප්‍රතිකාර, නිවාරණය සහ සුභසාධනය සඳහා වන ජාතික වකුගඩු අරමුදල ප්‍රවර්ධනය කිරීම
- හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන්ට වඩා විධිමත් ප්‍රතිකාර, රෝග නිවාරණය සහ සුබසාධන සේවාවන් සැපයීම පිණිස 'ජාතික වකුගඩු අරමුදල' ස්ථාපිත කරන ලදී. එකී අරමුදල ප්‍රයෝජනයට ගෙන දැනුවත් කිරීමේ වැඩසටහන්, වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ වැඩසටහන්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පිරිසිදු පානීය ජලය ලබා දීම වැනි කටයුතු ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මෙම අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සහ අරමුදලින් ප්‍රතිලාභ සැලසීම පිළිබඳ ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.