• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද පවුල් සඳහා නිවාස සැපයීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල අවතැන්වූවන් සඳහා නිවාස සැපයීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස නිවාස ඒකක 28,000ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක් නිවාස ඒකකයක් රුපියල් 1,280,000/- පිරිවැයකට යටත්ව ND Enterprises (India), Yapka Developers (Pvt.) Ltd. (Sri Lanka) සහ Archedium (Pvt.) Ltd. (Sri Lanka) සමාගම් සමූහය වෙත පිරිනැමීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.