• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුකූල වන පරිදි 2017 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම ගැනීම
- 2018 වර්ෂය තුළ අවස්ථා කීපයකදී සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධන අනුව මේ වන විට පවත්නා අමාත්‍යාංශ සංඛ්‍යාව 43 දක්වා අඩු වී ඇති බැවින්, එම අමාත්‍යාංශවල විෂය පථයට අනුකූල වන පරිදි 2018 වර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් මාසයේ සම්මත කරන ලද දරන විසර්ජන පනතේ අඩංගු ප්‍රතිපාදන නව අමාත්‍යාංශ අතර බෙදා හැරීම මඟින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී තිබේ. ඒ අනුව උක්ත පනත මඟින් පනවා ඇති සමස්ත වියදම් සහ උපරිම ණය ගැනීම් සීමාවන් වෙනසක් නොවන පරිදි එම විසර්ජන පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.