• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේසාලේ ධීවර වරාය ඉදි කිරීම
- උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම, ජලජීවී වගා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පේසාලේ ධීවර වරාය ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 5,267ක ආයෝජනයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ මෙම ව්‍යාපෘතිය සඳහා ඉදි කිරීම් සමාගමක් තෝරා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.