• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඛාදනයට ලක් වී ඇති කැලණි ග‍ඟේ වම් ඉවුරෙහි වානේ තහඩු බැම්මක් ඉදි කිරීම
- කැලණි ගං ඉවුර කොළොන්නාව හල්මුල්ල ප්‍රදේශයේ තදින් ඛාදනයට ලක් වී ඇති අතර, ඒ හේතුවෙන් පවුල් 200ක් පමණ පීඩාවට පත්ව ඇති බව හඳුනා ගන්නා ලදී. එයට පිළියමක් ලෙස ගං ඉවුර දිගේ ව‍ානේ තහඩු බැම්මක් ඉදිකිරීම සුදුසු බවට යෝජනා වී ඇත. ඒ අනුව, රුපියල් මිලියන 604ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම් කටයුතු සිදු කිරීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.