• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩෙන්මාර්කයේ M/s Vestas Asia Pacific A/S ආයතනය වෙත පිරිනැමීම පිණිස සහ ඒ සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.